රාවණ යුගයේ ජල තාක්ෂණය
ලංකාවේ ප්‍රධන නගර විසි හතක් ආවරණය කරමින් ඉදිවුණ උමන් මාර්ග පද්ධතියක් පිළීබද ජනප්‍රවාදයේ තොරතුරු පවතී.
2. එක් තැනක සිට තවත් ප්‍රදේශයක් පෝසණය කිරීම සදහා භාවිතා කරන ජල උමං.
3. අලංකාරය සදහා ජලය රැගෙන ගිය ජල පීඩක උමං .
ලෙස මෙය බෙදා දැක්විය හැකිය . පොදුවේ මෙම උමං ජල මාර්ග ගලීස්ස ලෙස හදුන්වයි . මහා රාවණා යුගයේදී ජල පීඩක තාක්ෂණය උපයෝගී කර ගනිමින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක් පැවතියේය . මාතලේ සිට නවක්කන්තිය හරහා ලංකාපුරයේ උතුරටත් . බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිණිකොණ දෙසටත් , මාතලේ සිට බණ්ඩාරගම ප්‍රදේශය හරහා ඉදිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතුනි .
මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂණ වැස්මක් භාවිතා කළ අතර බොහෝ විට පොළොව අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිතා කරණු ලැබිණි. මාතලේ නාලන්ද ගෙඩියට තරමක් දුරින් අඹන් ගග අසල ලුණූගෙය නමින් ප්‍රසිද්ධ බිම් ගෙයක් දැකගත හැකිවේ . මෙම ස්ථානය රාවණ යුගයේදී ඉතා දියුණූ මට්ටමේ ගලිසි තොටුපළකි . ගලිසි තොටුපොළක් යනු උමං මාර්ග පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පොළකි . මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තර යේ අදටත් මෙම උමං ජලමාර්ගය දැක ගත හැකි වේ . මෙම ජල මාර්ගයේ පිහිටි උමං වර්තමානයේදී ශේෂ වෙමින් පවතී . මෙම ජල උමගට එකල සුදු ගග මුල් කර ගනිමින් ජලය ඇතුලත් කල බව සිතිය හැක . මෙසේ ඇතුලු කරන ජලය උතුරු දෙසට ගමන්කර අවසානයේ මුහුදට ගලායයි . මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය . යාපනයේ නාවක්කන්ති ළීද එවැන්නකි . වර්තමානයේ මාතලේ අඹන්ගගේ හා නාවක්කන්ති ළිදේ ජල සාම්පල එකිනෙකට සමානය . නාවක්කන්ති ළිද යනුවෙන් හැදින්වෙන්නේ යාපනයේ වැල්විටිතුරෙයි මාර්ගයේ නිලාවේරිගමේ ආසන්නයේ පිහිටි පතුළක් නොමැති නොමැති ළිද යනුවෙන් හැදින්වෙන මා විසි මීට ඉහතදී පැහැදිළි කරන ලද ස්ථානයයි . එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණලෙස වර්තමානයේ හැදින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි . මෙම පොකුණේද ඇත්තේ එකම ජල සාන්ද්‍රණයකි.
වර්තමානයේදී මෙම උමං මාර්ගය හරහා ජලය ගමන් කිරීම සිදුවූවන් බොහෝ සෙයින් උමං හුණූගල්වලින් වැසී ගොස් ඇත . මෙතරම් වටින වාරිමාර්ග තාක්ෂණයක් හා පිරිසිදු ජල පද්ධතියක් පැවැතෙන ලංකාව තුල බල ඇත්තන්ගේ ක්‍රියාකලාපය නිසා එය ආරක්ෂා කරගැනීම විනා ඒවා විනාශ කර විදේශයෙන් ගෙන්වාගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණකි .
-දිලේෂිකා එරංගි-