මුදල මත පදනම්ව ලංකාවතුල මිලින වී යන වටිනා සම්පත්
නැටුම හෙවත් නර්තනය ප්‍රාසාංගික කලාවක් ලෙසින් හැදින්වේ . ශ්‍රී ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රධායන් ත්‍රිත්වය අතරින් කන්ද උඩරට නර්තන කලාවට සුවිශේශී ස්ථානයක් හිමිවන්නේ ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන ලක්ෂණ රැසක් මේ නර්තන කලාව සතුව පවතින නිසා. විචිත්‍ර වෙස් ඇදුමෙන් සැරසුණු වෙස් නර්තන ශිල්පියා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තියකි . අනාදිමත් කාලයක පටන් වෙස් ඇදුම් කට්ටලයට හිමි වන්නේ පූජනීය ස්ථානයකි . නර්තන ශිල්පීන් ඉතාමත් ගෞරවයෙන් මෙය අතීතයේ පැළදුවද වර්තමානය වනවිට මුදල මූලික වී එයට ඇති ගෞරවය වැනසී ගොස් ඇත. . කාලය අවකාශය පදනම් කරගනිමින් වෙස් ඇදුම් කට්ටලයේ විවිධ අර්ත නිරූපනය වේ . වෙස්ඇදුම පැලදසිටින්නකු වෙස් නර්තන ශිල්පියෙකු ලෙස ප්‍රකාශ කරන්නේ සංස්තික වශයෙනි .
19 වන සියවසේ අගභාගයේ සිට මෙම වෙස්නර්තනය දළදා පෙරහැරෙන් පිට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුනද . වර්තමානයේ පැරැන්නන් විසින් රැකගෙන ආ මේ සංස්කෘතිය විනාසකර දමන අපේ දේ අගයක් නැති මිනිස්සු පිරිසක් මේ නර්තන කලාව හදෑරීම කනගාටුවට කරුණකි .
මෙහි ආභරණ 64 ක් ඇති නමුත් වර්තමානයේ දක්නට ලැබෙන්නේ ආභරණ 20ක් පමණී . වෙස් බැදි නැටුම් ශිල්පියෙකුට අවේණික වූ පරිපූර්ණ ඇදුම් බොහොම අලංකාරයි . ඒවා නම් මලය රජුගේ ඇදුම් ආභරණ 64 න් 32 පරිත්‍යාග කර ඇත . කෙසේ නමුත් අද පවතින ඇදුම් ආභරණ විස්ස රාජාභරණ හැට හතරෙන් විස්සක් යැයි සිතීමට තරම් ප්‍රමාණවත් සාධක නැත .
දේව ආභරණ කට්ටලයක් සංකේතවත් වන වෙස්ඇදුම් කට්ටලය
කොහොඹා කංකාරියේදී වෙස් ඇදුම් කට්ටලය කොහොඹා දෙවියන්ගේ ඇදුම් කට්ටලය ලෙසින් සලකනු ලබනවා . වලියක් මංගල්‍යය ශාන්තිකර්මයේදී එය වලියකුගේ ඇදුම ලෙස පිළීගන්නවා. මෙහි දේව බලයක් ගැබ්වී ඇතැයි බොහෝ යක්දෙස්සන් හා සිංහල ජනතාව විස්තර කරනවා . අසනීපයක් හෝ කරදරයක් වූ විගස වෙස් ඇදුමක් ඇති තැනකට ගොස් දෙවියන් සිහි කොට පඩුරු බැදීම ඇතමුන්ගේ සිරිතක් වේ . වෙස් ඇදුම බහාලන පෙට්ටියට පවා වැද නමස්කාර කර ඇතමුන් එය තම හිසට ඉහලින් තැන්පත් කිරීමට වග බලාගනී . වර්තමානයේ සමහරක් අතින් ගිලිහෙන මෙම සම්ප්‍රදාය රැක ගැනීම අප සතු යුතු කමක් වේ .
වර්තමානයේ වෙස් ඇදුමට කිසිදු ගෞරවයක් නොදැක්වීම කණගාටුවට කරුණකි . මාස ගණනක ප්‍රථිපලයක් ලෙස මෙය පළදී .එනම් මාස ගාණක් පුරා දෙවියන්ට ඇපකැප වී . පිළී ආහාර නොකා , කිල්ලකටවත් හසු නොවී ඉතාමත් ශ්‍රද්ධා භක්තියෙන් නැකතට මෙම ආභරණ පළදිනු ලබයි . නමුත් එතරම් භක්තියකින් පළැදින මෙම ආභරණ අද වන විට මුදලට යට වී හමාරය .
වර්තමානයේ වෙස්ඇදුමට අත් වූ ඉරණම
1. මෙම ඇදුම් කට්ටලයේ වටිනාම වස්තුව කරඩුවද හිස පැළද කිසිදු ගෞරවයක් නොමැතිව අද වන විට සංදර්ශන පවත්වන්නාක් මෙන් කරනම් ගසමින් , බඹර ගසමින් හැසිරේ.
2. තවද මෙම ඇදුම පැළද දුම්වැටි හා මත්වතුර පානය කරමින් හැසිරෙන ආකාරය දැකඇත.
3. සමහර පෙරහැර වෙස්ඇදුම පැලද වල කිසිදු ගාණක් නොමැතිව අසභ්‍ය වචන භාවිතාකරමින් ගමන් ගැනීම හරිම පිළීකුල් සහගත වේ.
4. මංගල දිනයන්හිදී මුදල් ඉපයීම පමණක් පටු අරමුණ කරගෙන සන්වරකමක් නොමැතිව මෙම ඇදුම ඇද යතුරු පැදිවල ගමන් ගන්නා ආකාරයත් . තැනක් නොතැනක් නොමැතිව මෙම ගෞරවනීය වෙස් තට්ටුව තබන ආකාරයත් දැක ඇත .
5. තවත් කාරණයක් නම් මෙහි ඇදුම් කට්ටලය කිසිදු ගැලපීමක් නොමැතිව වෛවර්ණ පාට යොදමින් නිර්මාණය කිරීමයි .
සාම්ප්‍රදාය අතික්‍රමනය කරමින් සිදු කරන මෙම ක්‍රියා හෙළාදකින අතර. ඉදිරියේදී මේ වටිනා සම්පත ලංකාවෙන් තුරන් වීමට ප්‍රථම එය රැකගත යුතුය . වසර ගණනාවක ඉතිහාසයක් ගෙවා දමමින් ඉතාමත් ආරක්ෂාකාරීව හා ඉතාමත් භක්තියකින් රැකගෙන ආ මෙම සංස්තිය තවදුරටත් මුදලට යටවීමට හා සංස්තියෙන් පිට පැන මෙම ඇදුම පැලද අසංවරව හැසිරීමට පවා නොදිය යුතුය .
-දිලේෂිකා එරංගි-
Best
ReplyDeleteBesBe
ReplyDeleteGreat 🔥
ReplyDeleteGreat 🔥
ReplyDeleteවටිනා ලිපියක්
ReplyDeleteGreat 👍
ReplyDeleteKiyla wadkna maru👍
ReplyDeleteMaru❤️
ReplyDeleteSuperb👌
Super❤
ReplyDelete👍💪
ReplyDeleteඅපේ උරුමය😍
ReplyDelete😍😍❤️
ReplyDeleteSuper
ReplyDeleteSuper
ReplyDelete♥️♥️👏🏼
ReplyDeleteGreat🎉️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDeleteවැදගත් 💜️💜️💜️💜️
ReplyDeleteGood
ReplyDeleteSuper 👍❤️
ReplyDeleteBest
ReplyDeleteSuper
ReplyDeleteSuper👌❤️
ReplyDeleteSuper 😍❤️
ReplyDeleteImportant 💛🥂
ReplyDelete