කලු දිය පුකුණ පත්ලේ රාවණාගේ සිරකුටි.
ලංකාව තුල තවත් අභිරහසක්ව පවතින රාවණාගේ ඉතිහාසය පිළිබද සෙවීම මාගේ විශාල ආශාවක් වන අතර මේ පිළිබදව දැනටමත් විශාල තොරතුරු ප්‍රමාණයක් රැස් කරගෙන ඇති අතර ඉහත රූප රාමුවල සදහන් කලුදිය පොකුණ හා එහි අභිරහස මා සොයාගන්නා ලද කරුණු අනුව පහතින් දක්වා ඇත.
මිහින්තලය කලුදිය පොකුණ ගැන සදහන් වන ඇතම් ජනප්‍රවාද කරුණු අතර කියවෙන්නේ මෙහි ගැඹුර අඩි 170ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වන බවයි. ඇතැම් තොරතුරු අතර සදහන් වන්නේ මෙහි පතුල කේතුවක් කන පිට ගැසූ ස්වරූපයක් ඇති බවයි.නමුත් මෙතෙක් කාලයකට මෙහි කිමිදී බැලුවකු ගැන කිසිම සදහනක් නොමැත. තවත් කියවෙන කරුණක් නම් ලංකාව තුල පවතින වා යැයි සදහන් බලකේන්ද්‍ර අතරින් මෙයද එක් බලකේන්ද්‍රයක් වන බවයි.අතීතයේ රාවණයන් සක්වලත් සමග සම්බන්ධ වීමට මෙම ස්ථානය යොදාගෙන ඇති බව ජනප්‍රවාදවල සදහන් වේ.බොහෝ අවස්ථාවල රාවණයන් වෙනත් සක්වල හා සිදුකල යුද්ධ වලදී පැරදුනූ සේනාවන් අතරින් ජීවග්‍රහයෙන් අල්ලාගත් සතුරන් මෙහි ගෙනවිත් මෙම පොකුණ පත්ලේ ඇති සිරකුටිවල ඔවුන් රදවා තිබූ බව තවත් ඇතැම් කතාවල සදහන් වේ.මේවා තාර්කිකව හෝ මොනයම් ආකාරයකින් ඔප්පු කල නොහැකි හෝ පිළිගත හෝ නොහැකි ප්‍රවණතාවයක් ඇතත් අදද ජීවත් වන වැඩිමහලු ගැමියන් මේ හා සමාන මත පලකරයි.එමෙන්ම මෙම පොකුණ සිව් කොන පත්ලේ විශාල රන් ඇතුන් සතර දෙනෙකුගේ පිළිම රදවා ඇති බවටත් ගැමි ප්‍රවාද අතර සදහන් වේ.ඒ හා සම්බන්ධ වන අනිත් මතය නම් මෙම පොකුණ පත්ලේ ඇති උමගක් මාතලේ දක්වා සම්භන්ධව තිබූ බවයි. මාතලේ හා සම්බන්ධ අනිත් කෙලවරේත් සක්වල දොරටුවක් ඇති බව කියවේ. එසේම මෙම පොකුණ නරඹන ඕනෑම කෙනෙකුට දැක ගත හැකි දෙයක් නම් පොකුණේ වටේට පිහිටා ඇති ආසන මේවා භාවනායෝගීව වැඩ වසන ස්වාමීන්වහන්සේලා සදහා සාදා ඇත.එහි එක් තැනක පිහිටුවා ඇති එක් ආසනයක් නම් කාලබුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ භාවනා යෝගීව සිටීමට යොදාගත් බවත් එහිදී උන්වහන්සේ මෙමෙ ස්ථානයේ සිට සක්වල හා සම්බන්ධ වී ඇති බව ප්‍රවාද අතර සදහන් වේ.උන්වහන්සේ එකල රාජගිරි ලෙනේ වැඩ වසන අතර භාවනා කටයුතු සදහා මෙහි පැමිණ ඇති බව සදහන් වේ.තවත් සදහන් කරුණක් වන්නේ අද්‍යතනය වන විටත් මෙම ආසන මත කාට හෝ හිදගෙන භාවනායෝගීව හිදීමට ඉඩ ලබා නොදෙන ඇතම් බලවේගයක් මෙහි පවතින බවයි.එමෙන්ම මෙම භූමියට අයත් වන කොටසක් වන" සක්මන"කොටසේත් නොයෙකුත් ප්‍රශ්නාර්ථ ගත සිදුවීම් කලකට පෙර සිදුව ඇති බවට ඇතැම් තොරතුරු වල සදහන් වේ.මෙහි ඇති ඇතැම් ස්ථාන අසල චුම්භක ක්ෂේත්‍රයේ වෙනස් වීම පවා අති කරවන බව සදහන් වන විටත් විදෙස් පරීක්ශකයන් මේ අවට කැළෑ ප්‍රදේශ තුල යම් යම් පරීක්ශණ කටයුතු වල නියැලෙන බව සදහන් වේ. බොහෝ විට ලංකා බිමේ සක්වල දොරටු හා කතා කරන විට නිතැතින්ම සදහන් වන සීගිරිය හා රන් මසු උයන යන නම් අතරට මෙම කලුදිය පොකුණ ස්ථානයද සදහන් කිරීමට පුලුවනි. විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි බොහෝ නොවිසදුන අභිරහස් අතර හෙල ඉතිහාසයේ සිට අද වනතුරුත් රහස් ගිලගෙන නිසලව බලා සිටින තවත් මේ බිමේ බලකේන්ද්‍රයක් වන කලුදිය පොකුණ හෙටත් ඒ රහස් වසන් කරගෙන නිසොල්මනේ සිටින බවට සැකයක් නැත.
තාක්ෂණයේ දියුණුව සමග හා මුදල් පසු පස හඹා යන ලෝකයක් ඉදිරියේ මෙලෙස ඉතිහාසය ගැන සෙවීම විනා තම කුටුම්භය රක්ෂාකර ගැනීම පවා මිනිසුන්ට මග හැරී ඇත. මෙය මහා විනාශයක පෙරනිමිතිය .දැනටත් විශාල ලෙස ස්වභාව දහම මිනිසුන්ට දැන් උවද ඔවුනට එය ගානක් නැත.නමුත් ගහකොළට මිනිසුන්ට දැඩි සේ ඇලුම් කල මහා වීරයන් හා රට වෙනුවෙන් දිවි පුදා රට රක්ෂාකල මිනිසුන් සිටින හෙල බිමක . මෙවැනි ප්‍රෞඪ ඉතිහාසයක් මෙලෙස වැලලීයාම මා සිත් දරන කණගාටුවකි.
_දිලේෂිකා එරංගි_
Great 👉💜️💜️💜️
ReplyDeletewow.. 🔥
ReplyDeleteBest
ReplyDeletebest of luck my sis❤😍
ReplyDelete👍👍
ReplyDeleteBest of luck my sis😍❤😍
ReplyDeleteBest
ReplyDeleteWooow ❤️💪
ReplyDeleteWoooow ❤️💪
ReplyDeletesuperb👌.
ReplyDeleteBest👍
ReplyDeleteFt
ReplyDelete👍
ReplyDelete👍
ReplyDeleteWow
ReplyDeleteBEST 🤟👍
ReplyDelete👍❤️
ReplyDelete👍👍
ReplyDelete👌👌👌
ReplyDelete❤️❤️❤️
ReplyDelete