Wednesday, February 17, 2021

මුදල මත පදනම්ව මිලින වී යන ලංකාවේ වටිනා සම්පත්

  මුදල මත පදනම්ව ලංකාවතුල මිලින වී යන වටිනා සම්පත් 

                                     නැටුම හෙවත් නර්තනය ප්‍රාසාංගික කලාවක් ලෙසින්  හැදින්වේ . ශ්‍රී ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රධායන් ත්‍රිත්වය අතරින් කන්ද උඩරට නර්තන කලාවට සුවිශේශී ස්ථානයක් හිමිවන්නේ ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන ලක්ෂණ රැසක් මේ නර්තන කලාව සතුව පවතින නිසා. විචිත්‍ර වෙස් ඇදුමෙන් සැරසුණු වෙස් නර්තන ශිල්පියා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තියකි . අනාදිමත් කාලයක පටන් වෙස් ඇදුම් කට්ටලයට හිමි වන්නේ පූජනීය ස්ථානයකි . නර්තන  ශිල්පීන් ඉතාමත් ගෞරවයෙන් මෙය අතීතයේ පැළදුවද වර්තමානය වනවිට මුදල මූලික වී එයට ඇති ගෞරවය වැනසී ගොස් ඇත. . කාලය අවකාශය පදනම් කරගනිමින් වෙස් ඇදුම් කට්ටලයේ විවිධ අර්ත නිරූපනය වේ .  වෙස්ඇදුම පැලදසිටින්නකු වෙස් නර්තන ශිල්පියෙකු ලෙස ප්‍රකාශ කරන්නේ සංස්තික වශයෙනි . 

          19 වන සියවසේ අගභාගයේ සිට මෙම වෙස්නර්තනය දළදා පෙරහැරෙන්  පිට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුනද . වර්තමානයේ පැරැන්නන් විසින් රැකගෙන ආ මේ සංස්කෘතිය  විනාසකර දමන  අපේ දේ අගයක් නැති මිනිස්සු පිරිසක් මේ නර්තන කලාව හදෑරීම කනගාටුවට කරුණකි . 

 


 මෙහි ආභරණ 64 ක් ඇති නමුත් වර්තමානයේ දක්නට ලැබෙන්නේ ආභරණ 20ක් පමණී . වෙස් බැදි නැටුම් ශිල්පියෙකුට අවේණික වූ පරිපූර්ණ ඇදුම් බොහොම අලංකාරයි . ඒවා නම් මලය රජුගේ ඇදුම් ආභරණ 64 න් 32 පරිත්‍යාග කර ඇත . කෙසේ නමුත් අද පවතින  ඇදුම් ආභරණ විස්ස රාජාභරණ හැට හතරෙන් විස්සක් යැයි සිතීමට තරම් ප්‍රමාණවත් සාධක නැත . 

 දේව ආභරණ කට්ටලයක් සංකේතවත් වන වෙස්ඇදුම් කට්ටලය 

    කොහොඹා කංකාරියේදී වෙස් ඇදුම් කට්ටලය කොහොඹා දෙවියන්ගේ ඇදුම් කට්ටලය ලෙසින් සලකනු ලබනවා . වලියක් මංගල්‍යය ශාන්තිකර්මයේදී එය වලියකුගේ ඇදුම ලෙස පිළීගන්නවා. මෙහි දේව බලයක් ගැබ්වී ඇතැයි බොහෝ යක්දෙස්සන් හා සිංහල ජනතාව විස්තර කරනවා . අසනීපයක් හෝ කරදරයක් වූ විගස වෙස් ඇදුමක් ඇති තැනකට ගොස් දෙවියන් සිහි කොට පඩුරු  බැදීම ඇතමුන්ගේ සිරිතක් වේ . වෙස් ඇදුම බහාලන පෙට්ටියට පවා වැද නමස්කාර කර ඇතමුන් එය තම හිසට ඉහලින් තැන්පත් කිරීමට වග බලාගනී . වර්තමානයේ සමහරක් අතින් ගිලිහෙන මෙම සම්ප්‍රදාය රැක ගැනීම අප සතු යුතු කමක් වේ . 

වර්තමානයේ වෙස් ඇදුමට කිසිදු ගෞරවයක් නොදැක්වීම  කණගාටුවට කරුණකි . මාස ගණනක ප්‍රථිපලයක් ලෙස මෙය පළදී .එනම් මාස ගාණක් පුරා දෙවියන්ට ඇපකැප  වී . පිළී ආහාර නොකා , කිල්ලකටවත් හසු නොවී ඉතාමත් ශ්‍රද්ධා භක්තියෙන් නැකතට මෙම ආභරණ පළදිනු ලබයි . නමුත් එතරම් භක්තියකින් පළැදින මෙම ආභරණ අද වන විට මුදලට යට වී හමාරය . 


වර්තමානයේ වෙස්ඇදුමට අත් වූ ඉරණම

                          1. මෙම ඇදුම් කට්ටලයේ වටිනාම වස්තුව කරඩුවද හිස පැළද   කිසිදු ගෞරවයක් නොමැතිව අද වන විට සංදර්ශන පවත්වන්නාක් මෙන් කරනම් ගසමින් , බඹර ගසමින් හැසිරේ. 


                               2. තවද මෙම ඇදුම පැළද දුම්වැටි හා මත්වතුර පානය කරමින් හැසිරෙන ආකාරය දැකඇත. 

                             3. සමහර පෙරහැර වෙස්ඇදුම පැලද  වල කිසිදු ගාණක් නොමැතිව අසභ්‍ය වචන භාවිතාකරමින් ගමන් ගැනීම හරිම පිළීකුල් සහගත වේ. 

                         4. මංගල දිනයන්හිදී මුදල් ඉපයීම පමණක් පටු අරමුණ කරගෙන සන්වරකමක් නොමැතිව මෙම ඇදුම ඇද යතුරු පැදිවල ගමන් ගන්නා ආකාරයත් . තැනක් නොතැනක් නොමැතිව මෙම ගෞරවනීය වෙස් තට්ටුව තබන ආකාරයත් දැක ඇත .  

                           5. තවත් කාරණයක් නම් මෙහි ඇදුම් කට්ටලය කිසිදු ගැලපීමක් නොමැතිව වෛවර්ණ පාට යොදමින් නිර්මාණය කිරීමයි . 


                                           සාම්ප්‍රදාය අතික්‍රමනය කරමින් සිදු කරන මෙම ක්‍රියා හෙළාදකින අතර.  ඉදිරියේදී මේ වටිනා සම්පත ලංකාවෙන් තුරන් වීමට ප්‍රථම එය රැකගත යුතුය . වසර ගණනාවක ඉතිහාසයක් ගෙවා දමමින් ඉතාමත් ආරක්ෂාකාරීව හා ඉතාමත් භක්තියකින් රැකගෙන ආ මෙම සංස්තිය තවදුරටත් මුදලට යටවීමට  හා සංස්තියෙන් පිට පැන මෙම ඇදුම පැලද අසංවරව හැසිරීමට පවා නොදිය යුතුය .


-දිලේෂිකා එරංගි-  


    


 

Thursday, February 11, 2021

 

   ලොවට අභිරහසක්  වී ඇති හෙළයන් විසින් විශ්වය හරහා ගමන් කල  තාරකා කොටු 

 


           ලෝකයේ බොහෝමයක් පුරාණ ශිෂ්ඨාචාර වලින් හා සංස්තීන් ලෝකයේ වෙනත් ස්ථාන වලට පිවිසීමේ දොරටු භාවිතා කළා යැයි අද වන විට ලෝකයේ කීර්තිමත් ආයතනයක් වන හා විශ්වයේ අභිරහස් සොයන ආයතනයක් වන  NASA ආයතනය  විසින් අද වන විට පෘථුවි ප්‍රභල  චුම්භක ක්ශේත්‍රය ඔස්සේ වෙනත් මානයන්ගේ  හා ග්‍රහලෝකවලින් අපගේ  පෘථුවිය නිරීක්ෂණය කල බව පැවසීම නිසා මෙම star gate   පිළිබදව ලොව විද්‍යාඥයන්   විවිධාකාර මත පල කරති . 

දැනට ලෝකයේ එවැනි අප්‍රකට ස්ථාන 10 ක් පිළිබද අර්ථකථන කෙසේ පළ වුවත් අප හෙළයන් සතු වූ අධිමානසික බලයන් හේතුවෙන් හෙළයන් විසින්ද විශ්වය පාලනය කළා යැයි අවිවාදයකින් තොරව පිළිගත හකි වන්නේ  අනුරාධපුඅරයේ  රන් මසු උයනේ ඇති  star gate   නොහොත් තාරකා දොරටුව නිසා වෙනි.  රන් මසු උයනේ ගල් කැටයම් පද්ධති හා ගුහා පද්ධති අතර කැටයම් කල ඇති තරු සංකේත තරු ද්වාර විවෘත කරන කේතයින් බවට මෙම ලෝකයෙන්  විශ්වයේ අනෙකුත් ප්‍රදේශවලට ගමන් කිරීමට ඉඩ සලස්වයි. තරු සිතියමට සජු පිටුපසින් ඇත්තේ ශිලා ආසන 4කි . තරු ප්‍රස්ථාර  යනු සක්වල චක්‍රයේ නමකි . එය විශ්වයේ භ්‍රමණ චලනය යනුවෙන් අදහස් කෙරේ. විශ්වය හා චක්‍රය යනු භ්‍රමණය වන කව හෝ තැටිය බවට  බොහෝ පුරාණ ස්වදේශීය ඇමරිකන් පුරාවෘත තුල භයානක රවුම් වලින් යුක්ත විය . ඊජිප්තුවේ අබු හුරැබබී හා ඇන්ඩිස් හා තවත් පැරණි ස්ථානවල මේ හා සමාන තරු සිතියම් සොයාගෙනඇත . 

රාවණා ඉතිහාසය පිළිගන්නා අය වගේම නොපිළිගන්නා පිරිසකුත් වේ . මම ඔවුන්ගේ මතය වෙනස් කිරීමට ගන්නා උත්සාහයක් නොවන අතර මෙවැනි වටිනා වස්තු ලෝකයේ ඇති බවත් . ඒවා රැක ගැනීම අපේ යුතුකමක් බව ඇගවීමේ අරමුණෙන් මෙය සටහන් කරනු ලබයි . 

Wednesday, February 3, 2021

               විවාහයට වැට කඩොලු බැදි කුල සම්ප්‍රධාය.

      


                          අතීතයට පමණක් නොව වර්තමනයටත් මෙය පොදු වූ කරුණයක් නිසා වෙන් තවදුරටත් විචාරයට බදුන් කිරීමට මම තීරණය කළෙමි . නමුත් අතීතයේ සමාජයේ රැකියා මට්ටම් හදුනා ගැනීමේ පහසුව තකා බෙදී වෙන් වුන නමුත් වර්තමානයේ සමාජයේ මිනිසුන් උස් පහත් කොට තැබීමට මෙම කුල ක්‍රමය භාවිතය මම දැඩිසේ හෙලා දකිමි . මන්දයත් මනුශ්‍යත්වය කිසිදිනෙක ජාතියට, ආගමට මෙන්ම කුල ක්‍රමයට බෙදා වෙන් කර නොහැක . මෙම කාරනය රැකියාවේදී මෙන්ම ප්‍රභල ලෙස විවාහයේදී දැක ගත හැක .  අතීතයේ දකුණු ආසියාවේ සමාජවලට ආවේණික වූ මෙම කුල සම්ප්‍රධායට සුවිශේශීත්වයක් හිමි වේ . අධ්‍යතනය වන විට ලංකාව තුල වැඩිවශයෙන් නොමැති වුවත් ඉන්දියාව තුල මෙය ප්‍රධාන වශයෙන් බලපානු ලබයි . බටහිර සමාජවල දැකිය නොහැකි ප්‍රපංචයක් වන කුලය අනුව සමාජය ස්තරගතව බෙදා ඇත. දකුණු ආසියතික රටවල පුද්ගලයාගේ සමාජතත්වය සමාජ වටිනාකම තීරණය කරණු ලබන්නක් වන මෙම කුලය ප්‍රධාන වී ඇත . මෙහිදී බටහිර සමාජ පරිසරයට වඩා දකුණු ආසියා සමාජ පරිසරය  බෙහෙවිම වෙනස්ය. නමුත් මේ කුල ක්‍රමය මිනිසා මත නිර්මිත වූවක් මිස විශ්වීය සන්දර්භයක් නොවේ , ලංකාව තුල දළ වශයෙන් කුල ක්‍රම 15 දැක ගත හැකි වන අතර ඊට අමතරව කුඩා හා අනු කුල වර්ග විවිධ ප්‍රදේශතුල දැක ගත හැක. ඒ අතර.     

1.ගොවිගම්

‍රදල

ගොවි

පට්ටි

ඉඩම් හිමි ප්‍රභූ

ගොවිතැන

ගව පාලනය

 

2. කරාව

 

මසුන් මැරීම

3. සලාගම

 

කුරුදු තැලීම

4. දුරාව

 

රා මැදීම

5. හුණු

 

අලුහුණු කර්මාන්තය

6.අවාරි/ ගල්ලදු/ නවනන්දන

 

ලෝකුරු වැඩ

7. හේන /රදා

 

රෙදි ඇපිල්ලීම

8. වහුම්පුර /හකුරු

 

හකුරු සෑදීම

9. කුඹල්/ බඩහැල

 

වළං සැදීම

10. දුර

වෙල්ලදුර /බෝධි

පන්නදුර

ශ්‍රීමහා බෝධිය රැක ගැනීම

ඇත්ගොව්වන් බලා ගැනීම

11 නැකැති / බෙරව

 

නක්ශත්‍ර / නැටුම් වැඩ

12 . බත්ගම /පදු

 

සේවකයෝ/ බර උසුලන

13. ගහල

 

මලබෙර ගැසීම

14.  කින්නර

 

පැදුරු විවීම / හණ කර්මාන්තය

15. රොඩී/ හුලවාලි

 

හිගමන් / කොහු ඉදල් තැනීම

                 මෙම සටහන අධ්‍යනයෙන් පෙනී යන්නේද? . රැකියාවන් බෙදා වෙන්කර දැක්වීමේ පහසුව තකා කරන ලද්දක් විනා සාමාජ මනුශ්‍යත්වය පහත් කොට දැක්වීමට භාවිතා නොකර ඇති බවයි .නමුත් වර්තමානයේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයක් සිදු වේ . විවාහය තුල මෙවැනි වූ බෙදීම් ඇති කරගනු  ලබන්නේ කුමන කාරනයක් නිසා දැයි සිතාගත නොහැක . විවාහයට පමණක් නොව නොයෙක් රැකියා අවස්ථාවලදී පවා අධ්‍යාපන සුදුසුකමට අමතරව කුලයන් පිරික්සන  බව මම දැක ඇත .  මාගේ මතයකට සීමා වූවක් ලෙස .වසර ගණනාවක් දෙදෙනෙකු ආදරය කරන්නේ ඔවුන් සිත් වලින් එකිනෙකා ගැලපෙන නිසාවෙන් නොවෙද? නමුත් විවාහයේදී කුලය නැමැති පටු තීරණ මුල් කර ගෙන එම ආදරකතා කටුගා දැමීම මා අනුමත නොකරයි .ජීවත්වන කෙටි කාලය තුලදී ජීවිතය විදීම විනා විදවීමට හුරුවන්නේ සිතා මතාය . මෙවැනි කාරණා නිසා වෙන් ජීවිතය අහිමි වූවන් මෙන්ම . මනස වියවුල් වූ බොහෝ අය දැක ඇත . 

කුලයට සීමා වී හිත් නොගැලපෙන කෙනෙකු සමග ජීවත් වන්නේ කෙසේද?.උප්පත්තියේ සිට මරනාසන්න මොහොත දක්වා ගත කරන වයස් සීමාවන් එක හා සමාන නම් , ලෙඩකට දුකක් වැළදුන විට තරා තිරමක්, කුලයක්, ජාතියක් ,ආගමක් නොබලා එය  වැළදෙනවා නම් කුලය නැමැති පටු සීමාවන්ට තව දුරටත් කොටු වී තමන්ගේ සතුට නැති කරගන්නේ කුමකට ද? කොරෝනා වසංගතය එයට කදිම නිදසුනකි මන්දයත් කිසිම හෝ විටක කුලය තරාතිරම මත රෝගය වැලදුනේ නැත .විශේෂයෙන් තරා තිරම මත හෝ කුලය මත සලකා මරනයන්හි  අවසන් කටයුතු සිදු කරේ නැත , සියල්ලන්ටම හිමි වූයේ එකම සමුගැනීමමය .විශේශයෙන් ආගමික වතාවත් පවා සිදු කිරීමට අවස්ථාවක් නොවිනි .එය එලෙස වෙද්දී තවමත් කුලය නැමැති සීමාවකට කොටුව අහිංසක මිනිසුන්ගේ සිහින බොදකරමින් ,  සතුට නැති කරමින් වැඩිහිටි පරම්පරාව කටයුතු කරනු ලබයි. 

 වර්තමානයේදීත් වැඩිහිටි පරම්පරාව තුල මේ මතය වෙනස් කර නොහැකි වුවත්,  ඉදිරියටත් තරුණ පරම්පරාව මේ මතය ගෙන යන්නේ නම් ඔවුන් දියුණු සමාජය තුල  තවමත් නොදියුණු හිස් ඇති මිනිසු ලෙස වර්ග  හැකිය . කුලය වැරදක් නොව . නමුත් අවශ්‍ය හා අනවශ්‍ය සෑම මොහොතකම කුලය පෙරට ගෙන සීමාවන් දැමීම මා තරයේ ප්‍රතික්ශේප කරයි , ඉදිරියටත් මෙවැනි තීරණ ගැනීමේදී තවදුරටත් කල්පනාකාරී  වන්නේ නම් තවත් බොහෝ අය ජීවතය පුරාවටම ජීවිතය විදවීමකින් තොරව විදියි, මෙය විශේෂයෙන් වැඩිහිටි පරම්පාරවේ මතය වෙනස් කළ නොහැකි වුවත් තරුණ පරම්පාරව තුල මෙම පටු මතය වෙනස් කළ හැකිය සිතා ඔවුන් සතුව තබන සටහනකි.


- දිලේෂිකා එරංගි-

 

             

පරිගණක නීති

                                        පරිගණක  මෘදුකාංග හා සබැදි නීතිය  පරිගණක  මෘදුකාංග  පිළිබද නීතිය මගින් එකී මෘදුකාංග  දේපලවලට රැකවරණය ...