Friday, October 23, 2020

                                      කලු දිය පුකුණ පත්ලේ රාවණාගේ සිරකුටි.




                                                        ලංකාව තුල තවත් අභිරහසක්ව පවතින රාවණාගේ ඉතිහාසය පිළිබද සෙවීම මාගේ විශාල ආශාවක් වන අතර මේ පිළිබදව දැනටමත් විශාල තොරතුරු ප්‍රමාණයක් රැස් කරගෙන ඇති අතර ඉහත රූප රාමුවල සදහන් කලුදිය පොකුණ හා එහි අභිරහස මා සොයාගන්නා ලද කරුණු අනුව පහතින් දක්වා ඇත.

මිහින්තලය කලුදිය පොකුණ ගැන සදහන් වන ඇතම් ජනප්‍රවාද කරුණු අතර කියවෙන්නේ මෙහි ගැඹුර අඩි 170ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වන බවයි. ඇතැම් තොරතුරු අතර සදහන්  වන්නේ මෙහි පතුල කේතුවක් කන පිට ගැසූ ස්වරූපයක් ඇති  බවයි.නමුත් මෙතෙක් කාලයකට මෙහි කිමිදී බැලුවකු ගැන කිසිම සදහනක් නොමැත. තවත් කියවෙන කරුණක් නම් ලංකාව තුල පවතින වා යැයි සදහන් බලකේන්ද්‍ර අතරින් මෙයද එක් බලකේන්ද්‍රයක් වන බවයි.අතීතයේ රාවණයන් සක්වලත් සමග සම්බන්ධ වීමට මෙම ස්ථානය යොදාගෙන ඇති බව ජනප්‍රවාදවල සදහන් වේ.බොහෝ අවස්ථාවල රාවණයන් වෙනත් සක්වල හා සිදුකල යුද්ධ වලදී පැරදුනූ සේනාවන් අතරින් ජීවග්‍රහයෙන් අල්ලාගත් සතුරන් මෙහි ගෙනවිත් මෙම පොකුණ පත්ලේ ඇති සිරකුටිවල ඔවුන් රදවා තිබූ බව තවත් ඇතැම් කතාවල සදහන් වේ.මේවා තාර්කිකව හෝ මොනයම් ආකාරයකින් ඔප්පු කල නොහැකි හෝ පිළිගත හෝ නොහැකි ප්‍රවණතාවයක් ඇතත් අදද ජීවත් වන වැඩිමහලු ගැමියන් මේ හා සමාන මත පලකරයි.එමෙන්ම මෙම පොකුණ සිව් කොන පත්ලේ විශාල රන් ඇතුන් සතර දෙනෙකුගේ පිළිම රදවා ඇති බවටත් ගැමි ප්‍රවාද අතර සදහන් වේ.ඒ හා සම්බන්ධ වන අනිත් මතය නම් මෙම පොකුණ පත්ලේ ඇති උමගක් මාතලේ දක්වා සම්භන්ධව තිබූ බවයි. මාතලේ හා සම්බන්ධ අනිත් කෙලවරේත් සක්වල දොරටුවක් ඇති බව කියවේ. එසේම මෙම පොකුණ නරඹන ඕනෑම කෙනෙකුට දැක ගත හැකි දෙයක් නම් පොකුණේ වටේට පිහිටා ඇති ආසන මේවා  භාවනායෝගීව වැඩ වසන ස්වාමීන්වහන්සේලා සදහා සාදා ඇත.එහි එක් තැනක පිහිටුවා ඇති එක් ආසනයක් නම් කාලබුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ භාවනා යෝගීව සිටීමට යොදාගත් බවත් එහිදී උන්වහන්සේ මෙමෙ ස්ථානයේ සිට සක්වල හා සම්බන්ධ වී ඇති බව ප්‍රවාද අතර සදහන් වේ.උන්වහන්සේ එකල රාජගිරි ලෙනේ වැඩ වසන අතර භාවනා කටයුතු සදහා මෙහි පැමිණ ඇති බව සදහන් වේ.තවත් සදහන් කරුණක් වන්නේ අද්‍යතනය වන විටත් මෙම ආසන මත කාට හෝ හිදගෙන භාවනායෝගීව හිදීමට ඉඩ ලබා නොදෙන ඇතම් බලවේගයක් මෙහි පවතින බවයි.එමෙන්ම මෙම භූමියට අයත් වන කොටසක් වන" සක්මන"කොටසේත් නොයෙකුත් ප්‍රශ්නාර්ථ ගත සිදුවීම්  කලකට පෙර සිදුව ඇති බවට ඇතැම් තොරතුරු වල සදහන් වේ.මෙහි ඇති ඇතැම් ස්ථාන අසල චුම්භක ක්ෂේත්‍රයේ වෙනස් වීම පවා අති කරවන බව සදහන් වන විටත් වි‍‍දෙස් පරීක්ශකයන් මේ අවට කැළෑ ප්‍රදේශ තුල යම් යම් පරීක්ශණ කටයුතු වල නියැලෙන බව සදහන් වේ. බොහෝ විට ලංකා බිමේ සක්වල දොරටු හා කතා කරන විට නිතැතින්ම සදහන් වන සීගිරිය හා රන් මසු උයන යන නම් අතරට මෙම කලුදිය පොකුණ ස්ථානයද සදහන් කිරීමට පුලුවනි. විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි බොහෝ නොවිසදුන අභිරහස් අතර හෙල ඉතිහාසයේ සිට අද වනතුරුත් රහස් ගිලගෙන නිසලව බලා සිටින තවත් මේ බිමේ බලකේන්ද්‍රයක් වන කලුදිය පොකුණ හෙටත් ඒ රහස් වසන් කරගෙන නිසොල්මනේ සිටින බවට සැකයක් නැත.

 තාක්ෂණයේ දියුණුව සමග  හා මුදල් පසු පස හඹා යන ලෝකයක් ඉදිරියේ මෙලෙස ඉතිහාසය ගැන සෙවීම විනා තම කුටුම්භය රක්ෂාකර ගැනීම පවා මිනිසුන්ට මග හැරී ඇත. මෙය මහා විනාශයක පෙරනිමිතිය .දැනටත් විශාල ලෙස ස්වභාව දහම මිනිසුන්ට දැන් උවද ඔවුනට එය ගානක් නැත.නමුත් ගහකොළට මිනිසුන්ට දැඩි සේ ඇලුම් කල මහා වීරයන් හා රට වෙනුවෙන් දිවි පුදා රට‍ රක්ෂාකල මිනිසුන් සිටින හෙල බිමක . මෙවැනි ප්‍රෞඪ ඉතිහාසයක් මෙලෙස වැලලීයාම මා සිත් දරන කණගාටුවකි.  


_දිලේෂිකා එරංගි_   
                                    

Friday, October 9, 2020

                                    කොරෝනාව හා මනුෂ්‍යත්වය

                    

                                    2019  පසු කරමින් 2020 ආරම්භය රටට ලෝකයට වාසනව  සෞභාග්‍ය කැන්දන වසරක්ය යන්න මා‍ධ්‍ය ඔස්සේ  නොයෙක් ජෝතීශ්ශ්‍යවේදීන් රටට හෙලිකරත් ඔවුන්ගේද, ලෝකයේද, මිනිසාගේද, වරදක් නිසවෙන් දෝ ඒ සියලු දේ උඩු යටිකුරු කරමින් 2020 ආරම්භයේ සිට මේ මොහොත වනතුරුම රටර මෙන්ම ලෝකයට සිදූවූ යහපතක් නැත.

covid 19 ලෙස නව අර්තකතනයක් ගෙන පැමිණි මෙම වසන්ගතයෙහි මූල භීජය චීනයයි . ලොකයේ පැවති වෙනත් වසන්ගත තත්ව වලට වඩා මෙය  බයානක ලෙස මට හැගේ .නමුත් පසුගිය මාධ්‍ය තොරතුරු සොයා බැලීමේදී පෙනෙන්නේ   මෙවැනි වසන්ගත තත්වයක් සිදුවූ පලමු අවස්තාවද  නොවන අතර ජීවිතහානි මෙතරම් ප්‍රමාණයක් සිදු වූ ප්‍රථම වතාවත්  මෙය නොවේ.
 
ලෝකයේ බලවත් රාජ්‍යයක් වන ඇමරිකාවට පවා මෙම මොහොත වනතුරුත් මේ තත්වය පාලනය කරහගැමනීමට නොහැකිව  ලක්ශගණනකට ජීවිතහානි සිදුවීම් මාමේ ලිපිය ලියන මොහොතේදී පවා අහිමි වීම කනගාටුවට කරුණකි. 

                                "සිංහලයට යමක් මතක තියෙන්නෙ සයතියයි"
මෙය සත්ත්‍යක් කරමින් .මෙම වසංගතයේ පළමු අවස්‍තාව රජය,සෞඛ්‍ය අංශ ,ආරක්ෂක අංශ පාලනය කරනු ලබුවත් .සතියක් යාමට මත්තෙන් නිරෝදායන නීති කඩ කරමින් මිනිසුන් හැසිරුනේ ලංකාව තුල එවනි වසංගත තත්වයක් නොතිබුනු ලෙසයි .මෙම තත්වය යම්තාක් දුරකට පහව යන විටත් මහජනයා බහුල ලෙස ගැවසෙන කොලඹ නගරය පවා මේ තත්වයට මුහුන දුන් ආකරය ගැන ප්‍රසාද දැක්විය නොහැක .එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙම තත්වය දරුණු ලෙස සමාජ සගවී ඇත.

                                    මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කාන්තාවකට කොවිඩ් වැලදීමත් සමග .එහි පොකුර 100 කට අදික වූ අවස්තාථාව.

මාධ්‍ය තුලින් මුල් අවස්තාවේදී  පුවත් විකාශන කාලයත් ඉක්මවා තරගකාරීත්වයකින් තොරතුරු ඉදිරිපත් කරත් කල්යාමත් සමග පුවත් තුලින් නොව දැනුවත් කිරීම් තුලින්ද මන්දගාමී ස්වභාවයක් ගත්තේ කාලෙයෙන් කාලයට සමාජය තුල තොරතුරු ලබාගැනීමේ නව මුහුණුවරක් පවතින නිසවෙන් යැයි මට හැගේ  . 20 වන ව්‍යවස්ථා සංශෝදනය මාධ්‍ය තුල් මූලික පුවත විය.
මෙම වසංගත තත්වය හමුවේ කවුරුත් කතා නොකරන සමාජයේ තවත් පැතිකඩක 
.                                             නොපෙනෙනා නොහැගෙනා දිළිදුකම.




                        covid19 පොහොසතාට නොව දුප්පතාගේ කුසට එල්ල කල මරු පහරකි.

                                                           ඇත්තා ප්‍රීතියෙනි.
                                                           නැත්තා හාමතෙනි.

ලෝකයේ අද වන විට තාක්ෂණය බිහිවීමත් සමග කෝටි ප්‍රකෝටිපයතියන් බිහිවේ .නමුත් එදා වේල කුසගින්දර නිවා ගනීමට වෙළදාම් කරන කී දෙනෙක් අද හාමතෙන් ඉන්නව ඇත්ද .දරුවන් කීදෙනෙක් අද මෙම වසංගත තත්වය නිසා අසරණ වෙලා ඇත්ද. කොටින්ම කියතොත් චන්දකාලයට පමණක් මිනිසුන්ගේ දෙපා මුල වැද වැටෙන ඉහලපෙලේ උදවියට පවා ඔවුන්ගැන වගේ වගක් නැත.සමහර විට මාධ්‍යට,රජයට පවා උඩ ඉන්න දෙවියන්ටවත් මෙයට විසදුමක් දීමට නොහැකි වී ඇත්දැයි මට හැගේ.
සහනාදාර ලබාදුන් අවස්ථා වලදී. ඇත්තන්ට පමණක් හමු වුණු අවස්ථාද නැත්තන්ගේ නොයෙක් අඩුපාඩු සොයමින් ඒවා කප්පාදු කිරීම මා දෙනෙතට දුටු පහත් ක්‍රියාවකි. ලැබෙන්න ක්‍රමයක් නොමැතිව තමන්ගේ මෙන්ම තම දරුවන්ගේද අත කන කර උගස්කර දරුවන්ගේ බඩ කට පුරවන්න දෙමාපියන් උත්සාහ ගත්හ. සමාජ මාද්‍ය තුල කොතෙකුත් සන්සරණය උනත් ඒ දෙස අනුකම්පා සහගතව බලා ඔවුන්ට හැකි අයුරින් උදවු කිරීම විනා.සමාජ මාද්‍ය හරහා  ඉතාමත් පිලිකුල් ලෙස ව්‍යාප්ත විය. කොතරම් එවැනි දේ ව්‍යාප්ත  උවත් ඔවුන්ගේ බඩ කට පුරවන්න ඇත්තාට  එක දවසකරටවත් ඔවුන්ගේ හිත් උනු වුනේ නැත . දාස් ගණන් දී මත් පැන් ගන්නා කෝටිපතියන්ට මොවුන් ගැනත් සිතන්න ඕනෙ යැයි නොසිතුනි.ලංකාවේ දනපතින් මෙන්ම නිර්දනයන් වැඩිපුර ගැවසෙන කොළඹ රටේ නිර්දනයන් වතුරවත් නොමතිව සිටින ආකාරය මාද්‍ය තුලින් දැක ගත හැකි විය .බඩුමලු ලක්ෂගණන් ඔවුල් ලගට නොව දෙපා මුල ගිහින් දැම්මත් මක් කරන්නද බඩු මලු තියා හාල් ඇටයක් ගන්නවත් ඔවුනට වත්කමක් නැති විට.හාස්‍යට කරුණ නම් චන්ද පොරේට දුප්පතාගෙ දෙපතුල ලගට පැමිණ වැදවැටෙන ඇත්තා මෙම වසංගත තත්වයේදී  නොපෙනෙන්නට වීමයි.එහෙත්

මෙය මා සටහන් කරන්නේ කාට හෝ දොසක් නැගීමට නොව . මේ මොහොත වනතුරුත් මේ තත්වය වැලැක් වීමට රජය ,මාද්‍ය , ආරක්ෂක අංශ ,සෞඛය අංශ ගන්නා වෑයම ගැන මන් අද සතුටු වෙමි ,නමුත් මේ තත්වය දෙස බලා ඔවුනට මෙහි රාජකාරියක් නොමැති ගණනට පසුබසින, නිල තල,මුදල් බලයෙන් කොරෝනාව නොව ලොවක් පෙරලුනත් කම් නැති ගානට උදම් වන්න පිරිසක්ද නැත්තාම නොවේ. කුමක් කරන්නද? ඇත්තා නැත්තාගැන සොයා බලා ඔවුනට පිහිට වීම දුටුවේම නැත . නමුත් පසුකාලීනව ප්‍රසිද්දිය හා වාසිය නම් පටු අරමුණු තකා පැමිණි ඇත්තන්ද වේ   අනවශ්‍ය පරිදි රැස් කරමින් ගොඩගහගන්නා දනවතුන් අතර දවසින් එකවේලක් හෝ බඩ ගින්දර කියන දුක නැති කර ගැනීමට වෙහෙසෙන අහින්සකයින්ට මේ කොරෝනාව දරාගත නොහකි විය. එය ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නාක් මෙනි. 

තවත් මොවුන්ගේ බඩ ගින්දර උහුලා ගෙන සිටිය යුතුද , සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියා අනුගමනය කරමින් මේ වසංගතය ලෝකයෙන් තුරන් කිරීමට වෙහෙසෙමු .එසේ නොමැති වූ දා covid  නිසා නොව කුසගින්දර දරා ගනීමරට නොහැකිව ජීවිත හානි සිදුවන ප්‍රමාණය ඉහල යා හැක.
 මගේ මේ සටහන covid   නිසා දුක් විදින මිනිසුන් වෙනුවෙනි..


-දිලේෂිකා එරංගි- 



    
    
        


                     
  

පරිගණක නීති

                                        පරිගණක  මෘදුකාංග හා සබැදි නීතිය  පරිගණක  මෘදුකාංග  පිළිබද නීතිය මගින් එකී මෘදුකාංග  දේපලවලට රැකවරණය ...