Monday, April 5, 2021

පරිගණක නීති

                                        පරිගණක  මෘදුකාංග හා සබැදි නීතිය 



පරිගණක  මෘදුකාංග  පිළිබද නීතිය මගින් එකී මෘදුකාංග  දේපලවලට රැකවරණය ලබා දෙයි. මේ සඳහා විවිධ රටවල පේටන්ට් බලපත්‍ර ලබාදීම තුළින්  මෙන්ම බුද්ධිමය දේපළ නීතිය මගින් ද වඩාත්  ශක්තිමත් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ යටතේ බොහෝ  වාණිජ මෘදුකාංග ඒ පිළිබඳව බලපත්‍ර  (software licensce) මගින් අනාවරණය කර තිබේ.

 පේටන්ට් බලපත්‍ර මගින් මෘදුකාංගවල සැලසුම් හා යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අනාවරණය වෙයි.කර්තෘත්ව අයිතිය  යටතේ මෘදුකාංගවලට  අදාල තොරතුරු අඩංගු  පොත්, පටිගත කල දත්ත ආදිය බෙදා හැරීම් වාරණය කරයි. එසේම මෘදුකාංග මෙනුපතද   එමගින් සුරැකේ. එකී පරිගණක මුකාංගවල   විශේෂිත ලක්ෂණය වන්නේ.    ඒවායේ  ක්‍රියාකාරීත්වයට අදාළ සලසුම් පැවතීමත් දත්ත සැලැස්මක් පැවතීමත් යන ද්වී ලක්ෂණ වලින්  සමන්විත වීමයි. එමනිසා එකී මෘදුකාංගවල රැකවරණයට පේටන්ට් නීතිය මෙන්ම කතෘත්වය අයිතිය පිළිබඳව බුද්ධිමය දේපළ නීතියද ඒකාකාරව වැදගත් වේ.
 මෙහිදී පේටන්ට් බලපත්‍ර නීතියෙහි රැකවරණය පරිගණක මෘදුකාංග වලට ලැබෙන්නේ සෑම මෘදුකාංගයක් පිළිබඳවම සැලසුම්වලට පවා පේටන්ට් අයිතියක් ලබා ගැනීම මගිනි. එහෙත් මෙහිදී ගැටලුවක් මතුවේ. එනම් මෘදුකාංගවල තාක්ෂණික පැත්ත පිළිබඳව පේටන්ට් අයිතියක්  තිබේද නැද්ද යන්න නිශ්චිතව අනාවරණය කරගැනීම දුෂ්කර වන හෙයිනි. අනාගත නීති වර්ධනය තුළ මෘදුකාංගවල එකී අංශයටද නීතියේ රැකවරණය ලබා ගැනීමට හැකි වනු ඇති බවට නීති විශාරදයෝ විශ්වාසය පළකරති.
පරිගණක මෘදුකාංග කොල්ලකෑම(software piracy) හෙවත් අවසර නොලත්   අනුපිටපත්කරණය  ( unauthorised duplication)  වැළැක්වීමට කතෘත්ව  අයිතිය  පිළිබඳව නීති උපකාරී වී තිබේ. පරිගණක මෘදුකාංග පිළිබඳ නීතියෙහි එන කතෘත්ව අයිතිය ක්‍රියාත්මක වීමේ දී එය පොතක්, ඡායා පිටපතක්  කිරීම හෝ මුල් පොතට අදාල මාතෘකාවෙන් තවත් පොතක් ලිවීම හෝ එවැනි බුද්ධිමය දේපල නීතියෙහි එන කතෘත්ව අයිතිය උල්ලංඝනය කිරීමට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මන්ද මෘදුකාංගවල  තාක්ෂණික ප්‍රදේශයක් ද පවතින බැවිනි. මෙවැනි හේතු නිසාම යුරෝපා පාර්ලිමේන්තු වර්ෂ 2005 පෙබරවාරි මාසයේ දී  එයට ඉදිරිපත් වූ යුරෝපා පරිගණක මෘදුකාංග පිළිබඳ පනත සම්මත නොකර නැවත එහි තාක්ෂණික පැත්ත පිළිබඳව වැඩි අවධානයක් යොමුකර  සංශෝධනය කර එවන ලෙසත් මෘදුකාංග හා සබැඳි ඉහළ පෙළේ තාක්ෂණික ආයතන වල විශේෂඥ මතද ඊට  උපයෝගී කරගන්නා ලෙසත් නියම කර ඉවත දමන ලදී.     
  Baker Vs Seldon 101 U.S 99 (1879) නඩුවේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ  පරිගණක මෘදුකාංග කර්තෘත්ව අයිතිය සම්බන්ධයෙන්  වැදගත් මග පෙන්වීමක් ලබා දී ඇත. මෙහිදී තීන්දු කෙරුණේ විශේෂිත ආකාරයට පාඩම් පොතක  ගණකාධිකරණයේ ව්‍යුහය විස්තර කෙරෙන අයුරින් කතෘත්වය අයිතියේ රැකවරණය අනුකූල කරගත නොහැකි බවයි.  පොතක විස්තර  කෙරෙන කළාව  විශේෂයෙන්ම  කතෘත්ව අයිතියේ වන්දිලබාගැනීමේ  පදනම සපයන්නේ නැත. මෙහිදී රැකවරණය ලබා දිය හැක්කේ අදාළ අරමුණ විස්තර කිරීම සිදු කර ඇති ආකාරයට බවද මෙහිදී වැඩි දුර තීරණය කරන ලදී . 
ශ්‍රී ලංකාවේ පරිගණක  මෘදුකාංග හා සබැදි නීතියට අදාලව වැදගත් වන  නඩුතීන්දු දෙකක් පිළිබඳව මෙහිදී අපගේ අවධානය යොමු විය යුතුය.Soft systems Pvt Ltd Vs Visual tech Microsystems (Pvt) Ltd (Hc/Civil/08/2001(3) දරණ වාර්තාගත නොවූ පරිගණක මෘදුකාංග හා සබැදි  මෙම නඩුවේ දී සලකා බැලුණු  1979 අංක 52 දරන බුද්ධිමය දේපළ පනතට වසර 2000 අංක 40 දරණ සංශෝධන පනතින් එක්වූ ප්‍රතිපාදනවලට අදාළව පරිගණක මෘදුකාංගවල කතෘත්ව අයිතිය පිළිබඳවයි.
ඉන්දීය  සමාගමක් වූ මෙම නඩුවේ පැමිණිලිකරු 2001.05.09 වන දින ඉදිරිපත් කළ සිය පැමිණිල්ලෙන් කියා සිටියේ වෙනත් ඉල්ලීම් අතර විත්තිකාර සමාගමේ HARVEST it වෙළඳ ලකුණ  දරණ හෝ  VES-AGRI  දරණ පරිගණක වැඩසටහන් හෝ මෘදුකාංග හෝ ඉන් කොටසක් හෝ සෘජුව හෝ වක්‍රව භාවිත කිරීමෙන් වළක්වාලන ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
  එවකට බස්නාහිර පළාතේ සිවිල් මහාධිකරණ විනිසුරු ගරු එල්.කේ  විමලචන්ද්‍ර මැතිතුමා ඉදිරියේ විභාග වුණු මෙම නඩුවේ කරුණු වලට අනුව පැමිණිලිකාර සමාගමේ සේවය කරමින් සිට ඉන් ඉවත් වී විත්තිකාර සමාගමට ගිය තැනැත්තකු විසින් මෙම කතෘ අයිතිය උල්ලංඝනය කෙරෙන කටයුතු සිදුකරන්නට ඇති බව පැමිණිල්ලෙන් කියා සිටියේය. මෙහිදී අදාළ කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණය විසින් විත්තිකාර සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලදී .මෙම වාරණ ආඥාව වසර දෙකක් පුරා පැවැත්වුණු අතර නඩු විභාගය හා විමසීම එකවිට ගන්නා ලදී. පසුව පැමිණිලිකාර සමාගම නඩුව සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වීම නිසා පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන ලද අතර විත්තිකාර සමාගමේ හරස් ඉල්ලීම විභාගයට ගැනීමට නියම කරන ලදී.
Seven Seas Computer Lanka (Pvt) Ltd Vs Q Soft (Pvt) Ltd and 22 others ( HC/Civil/18/2001 (3) වාර්තාගත නොවූ පරිගණකයක මෘදුකාංග හා වෙළෙඳ රහස් පිළිබඳව වූ නඩු තීන්දුවක් වූ මෙහිදී පැමිණිලිකරු 2001.10.04  වන දින ගොනුකළ පැමිණිල්ලෙන් කියා සිටියේ තමාට අයත් පරිගණක මෘදුකාංග වැඩසටහන් විත්තිකරුවන් විසින් භාවිත කිරීමෙන් සිය කතෘ අයිතිය උල්ලංඝනය කිරීමක් සිදු වන බවත්, එමගින් අසාධාරණ වෙළඳ තරඟයක් සිදුවන බවත්ය . ඒනිසා එකී ක්‍රියාවන් මෙම නඩුව අසා නිම කරන තෙක් වාරණ නියෝගයකින් හා අතුරු තහනම් නියෝගයකින් වළක්වාලන ලෙසත් වැඩිදුරටත් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණි .
මෙම නඩුවට  අදාළ පැමිණිලි පාර්ශවය කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව 2001.10.08   වැනි දින අධිකරණය විසින් වාරණ නියෝගයක් විත්තිකරුවන්ට එරෙහිව නිකුත් කරනලදී. ඉනික්බිතිව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ අධිකරණය විසින් 2011.11.05 වන දින විත්තිකරුවන්ට එරෙහිව පැමිණිලිකරුගේ පරිගණක මෘදුකාංග වැඩසටහන් භාවිතා කිරීම හා වෙළෙඳරහස් භාවිතා කිරීම මෙම නඩුව අසා නිමවනතෙක් වළක්වන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී. එසේම  විභාගයට ද නියම කෙරිණි.       
මෙම විෂය ක්ශේෂ්ත්‍රය හදාරන්නෙකුට  දැනුම වර්ධනයට මෙය රුකුලක් වේ යැයි මම සිතමි . 


   මෙම සටහනේ මුල්පිටපත් හිමි
  (පරිගණක හා අන්තර්ජාල නීතිය)
   (නීතිඥ කපිල ගාමිණී හේරත් )
   මහතා සතු වේ.


-දිලේෂිකා එරංගි-

Tuesday, March 2, 2021

රාවණ යුගයේ ජල තාක්ෂණය

 රාවණ යුගයේ ජල තාක්ෂණය 


Ceylon සිලෝන් - සීගීරියේ තාක්ශණික රටා මවන ජල උද්‍යාන... | Facebook


ලංකාවේ ප්‍රධන නගර විසි හතක් ආවරණය කරමින් ඉදිවුණ උමන් මාර්ග පද්ධතියක් පිළීබද ජනප්‍රවාදයේ  තොරතුරු පවතී.

 මෙම උමං ප්‍රධාව වර්ග කිහිපය කි.


  
               1. ප්‍රවාහන කටයුතු සදහා භාවිතා වූ ජල උමං .

                 2. එක් තැනක සිට තවත් ප්‍රදේශයක් පෝසණය කිරීම සදහා භාවිතා කරන ජල උමං.

                 3. අලංකාරය සදහා ජලය රැගෙන ගිය ජල පීඩක උමං .

 ලෙස මෙය බෙදා දැක්විය හැකිය . පොදුවේ මෙම උමං ජල මාර්ග ගලීස්ස ලෙස හදුන්වයි . මහා රාවණා යුගයේදී ජල පීඩක තාක්ෂණය උපයෝගී කර ගනිමින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක් පැවතියේය . මාතලේ සිට නවක්කන්තිය හරහා ලංකාපුරයේ උතුරටත් . බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිණිකොණ දෙසටත් , මාතලේ සිට බණ්ඩාරගම ප්‍රදේශය හරහා ඉදිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතුනි . 

මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂණ වැස්මක් භාවිතා කළ අතර බොහෝ විට පොළොව අභ්‍යන්තර  තද පාෂාණ ස්ථර භාවිතා කරණු ලැබිණි. මාතලේ නාලන්ද ගෙඩියට තරමක් දුරින් අඹන් ගග අසල ලුණූගෙය නමින් ප්‍රසිද්ධ බිම් ගෙයක් දැකගත හැකිවේ . මෙම ස්ථානය රාවණ යුගයේදී ඉතා දියුණූ මට්ටමේ ගලිසි තොටුපළකි . ගලිසි තොටුපොළක් යනු උමං මාර්ග පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පොළකි . මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තර යේ අදටත් මෙම උමං ජලමාර්ගය දැක ගත හැකි වේ . මෙම ජල මාර්ගයේ පිහිටි උමං වර්තමානයේදී ශේෂ වෙමින් පවතී . මෙම ජල උමගට එකල සුදු ගග මුල් කර ගනිමින් ජලය ඇතුලත් කල බව සිතිය හැක . මෙසේ ඇතුලු කරන ජලය උතුරු දෙසට ගමන්කර අවසානයේ මුහුදට ගලායයි . මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය . යාපනයේ නාවක්කන්ති ළීද එවැන්නකි . වර්තමානයේ මාතලේ අඹන්ගගේ හා නාවක්කන්ති ළිදේ ජල සාම්පල එකිනෙකට සමානය . නාවක්කන්ති ළිද යනුවෙන් හැදින්වෙන්නේ යාපනයේ වැල්විටිතුරෙයි මාර්ගයේ නිලාවේරිගමේ  ආසන්නයේ පිහිටි පතුළක් නොමැති නොමැති ළිද යනුවෙන් හැදින්වෙන මා විසි මීට ඉහතදී පැහැදිළි කරන ලද ස්ථානයයි . එයට  සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණලෙස  වර්තමානයේ හැදින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි . මෙම පොකුණේද ඇත්තේ එකම ජල සාන්ද්‍රණයකි. 

වර්තමානයේදී මෙම උමං මාර්ගය හරහා ජලය ගමන් කිරීම  සිදුවූවන්  බොහෝ සෙයින් උමං හුණූගල්වලින් වැසී ගොස් ඇත . මෙතරම් වටින වාරිමාර්ග තාක්ෂණයක් හා පිරිසිදු ජල පද්ධතියක් පැවැතෙන ලංකාව තුල බල ඇත්තන්ගේ ක්‍රියාකලාපය නිසා එය ආරක්ෂා කරගැනීම විනා ඒවා විනාශ කර විදේශයෙන් ගෙන්වාගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණකි . 


                                                        -දිලේෂිකා එරංගි-

Wednesday, February 17, 2021

මුදල මත පදනම්ව මිලින වී යන ලංකාවේ වටිනා සම්පත්

  මුදල මත පදනම්ව ලංකාවතුල මිලින වී යන වටිනා සම්පත් 

                                     නැටුම හෙවත් නර්තනය ප්‍රාසාංගික කලාවක් ලෙසින්  හැදින්වේ . ශ්‍රී ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රධායන් ත්‍රිත්වය අතරින් කන්ද උඩරට නර්තන කලාවට සුවිශේශී ස්ථානයක් හිමිවන්නේ ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන ලක්ෂණ රැසක් මේ නර්තන කලාව සතුව පවතින නිසා. විචිත්‍ර වෙස් ඇදුමෙන් සැරසුණු වෙස් නර්තන ශිල්පියා උඩරට නර්තනයේ ප්‍රතිමූර්තියකි . අනාදිමත් කාලයක පටන් වෙස් ඇදුම් කට්ටලයට හිමි වන්නේ පූජනීය ස්ථානයකි . නර්තන  ශිල්පීන් ඉතාමත් ගෞරවයෙන් මෙය අතීතයේ පැළදුවද වර්තමානය වනවිට මුදල මූලික වී එයට ඇති ගෞරවය වැනසී ගොස් ඇත. . කාලය අවකාශය පදනම් කරගනිමින් වෙස් ඇදුම් කට්ටලයේ විවිධ අර්ත නිරූපනය වේ .  වෙස්ඇදුම පැලදසිටින්නකු වෙස් නර්තන ශිල්පියෙකු ලෙස ප්‍රකාශ කරන්නේ සංස්තික වශයෙනි . 

          19 වන සියවසේ අගභාගයේ සිට මෙම වෙස්නර්තනය දළදා පෙරහැරෙන්  පිට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුනද . වර්තමානයේ පැරැන්නන් විසින් රැකගෙන ආ මේ සංස්කෘතිය  විනාසකර දමන  අපේ දේ අගයක් නැති මිනිස්සු පිරිසක් මේ නර්තන කලාව හදෑරීම කනගාටුවට කරුණකි . 

 


 මෙහි ආභරණ 64 ක් ඇති නමුත් වර්තමානයේ දක්නට ලැබෙන්නේ ආභරණ 20ක් පමණී . වෙස් බැදි නැටුම් ශිල්පියෙකුට අවේණික වූ පරිපූර්ණ ඇදුම් බොහොම අලංකාරයි . ඒවා නම් මලය රජුගේ ඇදුම් ආභරණ 64 න් 32 පරිත්‍යාග කර ඇත . කෙසේ නමුත් අද පවතින  ඇදුම් ආභරණ විස්ස රාජාභරණ හැට හතරෙන් විස්සක් යැයි සිතීමට තරම් ප්‍රමාණවත් සාධක නැත . 

 දේව ආභරණ කට්ටලයක් සංකේතවත් වන වෙස්ඇදුම් කට්ටලය 

    කොහොඹා කංකාරියේදී වෙස් ඇදුම් කට්ටලය කොහොඹා දෙවියන්ගේ ඇදුම් කට්ටලය ලෙසින් සලකනු ලබනවා . වලියක් මංගල්‍යය ශාන්තිකර්මයේදී එය වලියකුගේ ඇදුම ලෙස පිළීගන්නවා. මෙහි දේව බලයක් ගැබ්වී ඇතැයි බොහෝ යක්දෙස්සන් හා සිංහල ජනතාව විස්තර කරනවා . අසනීපයක් හෝ කරදරයක් වූ විගස වෙස් ඇදුමක් ඇති තැනකට ගොස් දෙවියන් සිහි කොට පඩුරු  බැදීම ඇතමුන්ගේ සිරිතක් වේ . වෙස් ඇදුම බහාලන පෙට්ටියට පවා වැද නමස්කාර කර ඇතමුන් එය තම හිසට ඉහලින් තැන්පත් කිරීමට වග බලාගනී . වර්තමානයේ සමහරක් අතින් ගිලිහෙන මෙම සම්ප්‍රදාය රැක ගැනීම අප සතු යුතු කමක් වේ . 

වර්තමානයේ වෙස් ඇදුමට කිසිදු ගෞරවයක් නොදැක්වීම  කණගාටුවට කරුණකි . මාස ගණනක ප්‍රථිපලයක් ලෙස මෙය පළදී .එනම් මාස ගාණක් පුරා දෙවියන්ට ඇපකැප  වී . පිළී ආහාර නොකා , කිල්ලකටවත් හසු නොවී ඉතාමත් ශ්‍රද්ධා භක්තියෙන් නැකතට මෙම ආභරණ පළදිනු ලබයි . නමුත් එතරම් භක්තියකින් පළැදින මෙම ආභරණ අද වන විට මුදලට යට වී හමාරය . 


වර්තමානයේ වෙස්ඇදුමට අත් වූ ඉරණම

                          1. මෙම ඇදුම් කට්ටලයේ වටිනාම වස්තුව කරඩුවද හිස පැළද   කිසිදු ගෞරවයක් නොමැතිව අද වන විට සංදර්ශන පවත්වන්නාක් මෙන් කරනම් ගසමින් , බඹර ගසමින් හැසිරේ. 


                               2. තවද මෙම ඇදුම පැළද දුම්වැටි හා මත්වතුර පානය කරමින් හැසිරෙන ආකාරය දැකඇත. 

                             3. සමහර පෙරහැර වෙස්ඇදුම පැලද  වල කිසිදු ගාණක් නොමැතිව අසභ්‍ය වචන භාවිතාකරමින් ගමන් ගැනීම හරිම පිළීකුල් සහගත වේ. 

                         4. මංගල දිනයන්හිදී මුදල් ඉපයීම පමණක් පටු අරමුණ කරගෙන සන්වරකමක් නොමැතිව මෙම ඇදුම ඇද යතුරු පැදිවල ගමන් ගන්නා ආකාරයත් . තැනක් නොතැනක් නොමැතිව මෙම ගෞරවනීය වෙස් තට්ටුව තබන ආකාරයත් දැක ඇත .  

                           5. තවත් කාරණයක් නම් මෙහි ඇදුම් කට්ටලය කිසිදු ගැලපීමක් නොමැතිව වෛවර්ණ පාට යොදමින් නිර්මාණය කිරීමයි . 


                                           සාම්ප්‍රදාය අතික්‍රමනය කරමින් සිදු කරන මෙම ක්‍රියා හෙළාදකින අතර.  ඉදිරියේදී මේ වටිනා සම්පත ලංකාවෙන් තුරන් වීමට ප්‍රථම එය රැකගත යුතුය . වසර ගණනාවක ඉතිහාසයක් ගෙවා දමමින් ඉතාමත් ආරක්ෂාකාරීව හා ඉතාමත් භක්තියකින් රැකගෙන ආ මෙම සංස්තිය තවදුරටත් මුදලට යටවීමට  හා සංස්තියෙන් පිට පැන මෙම ඇදුම පැලද අසංවරව හැසිරීමට පවා නොදිය යුතුය .


-දිලේෂිකා එරංගි-  


    


 

Thursday, February 11, 2021

 

   ලොවට අභිරහසක්  වී ඇති හෙළයන් විසින් විශ්වය හරහා ගමන් කල  තාරකා කොටු 

 


           ලෝකයේ බොහෝමයක් පුරාණ ශිෂ්ඨාචාර වලින් හා සංස්තීන් ලෝකයේ වෙනත් ස්ථාන වලට පිවිසීමේ දොරටු භාවිතා කළා යැයි අද වන විට ලෝකයේ කීර්තිමත් ආයතනයක් වන හා විශ්වයේ අභිරහස් සොයන ආයතනයක් වන  NASA ආයතනය  විසින් අද වන විට පෘථුවි ප්‍රභල  චුම්භක ක්ශේත්‍රය ඔස්සේ වෙනත් මානයන්ගේ  හා ග්‍රහලෝකවලින් අපගේ  පෘථුවිය නිරීක්ෂණය කල බව පැවසීම නිසා මෙම star gate   පිළිබදව ලොව විද්‍යාඥයන්   විවිධාකාර මත පල කරති . 

දැනට ලෝකයේ එවැනි අප්‍රකට ස්ථාන 10 ක් පිළිබද අර්ථකථන කෙසේ පළ වුවත් අප හෙළයන් සතු වූ අධිමානසික බලයන් හේතුවෙන් හෙළයන් විසින්ද විශ්වය පාලනය කළා යැයි අවිවාදයකින් තොරව පිළිගත හකි වන්නේ  අනුරාධපුඅරයේ  රන් මසු උයනේ ඇති  star gate   නොහොත් තාරකා දොරටුව නිසා වෙනි.  රන් මසු උයනේ ගල් කැටයම් පද්ධති හා ගුහා පද්ධති අතර කැටයම් කල ඇති තරු සංකේත තරු ද්වාර විවෘත කරන කේතයින් බවට මෙම ලෝකයෙන්  විශ්වයේ අනෙකුත් ප්‍රදේශවලට ගමන් කිරීමට ඉඩ සලස්වයි. තරු සිතියමට සජු පිටුපසින් ඇත්තේ ශිලා ආසන 4කි . තරු ප්‍රස්ථාර  යනු සක්වල චක්‍රයේ නමකි . එය විශ්වයේ භ්‍රමණ චලනය යනුවෙන් අදහස් කෙරේ. විශ්වය හා චක්‍රය යනු භ්‍රමණය වන කව හෝ තැටිය බවට  බොහෝ පුරාණ ස්වදේශීය ඇමරිකන් පුරාවෘත තුල භයානක රවුම් වලින් යුක්ත විය . ඊජිප්තුවේ අබු හුරැබබී හා ඇන්ඩිස් හා තවත් පැරණි ස්ථානවල මේ හා සමාන තරු සිතියම් සොයාගෙනඇත . 

රාවණා ඉතිහාසය පිළිගන්නා අය වගේම නොපිළිගන්නා පිරිසකුත් වේ . මම ඔවුන්ගේ මතය වෙනස් කිරීමට ගන්නා උත්සාහයක් නොවන අතර මෙවැනි වටිනා වස්තු ලෝකයේ ඇති බවත් . ඒවා රැක ගැනීම අපේ යුතුකමක් බව ඇගවීමේ අරමුණෙන් මෙය සටහන් කරනු ලබයි . 

Wednesday, February 3, 2021

               විවාහයට වැට කඩොලු බැදි කුල සම්ප්‍රධාය.

      


                          අතීතයට පමණක් නොව වර්තමනයටත් මෙය පොදු වූ කරුණයක් නිසා වෙන් තවදුරටත් විචාරයට බදුන් කිරීමට මම තීරණය කළෙමි . නමුත් අතීතයේ සමාජයේ රැකියා මට්ටම් හදුනා ගැනීමේ පහසුව තකා බෙදී වෙන් වුන නමුත් වර්තමානයේ සමාජයේ මිනිසුන් උස් පහත් කොට තැබීමට මෙම කුල ක්‍රමය භාවිතය මම දැඩිසේ හෙලා දකිමි . මන්දයත් මනුශ්‍යත්වය කිසිදිනෙක ජාතියට, ආගමට මෙන්ම කුල ක්‍රමයට බෙදා වෙන් කර නොහැක . මෙම කාරනය රැකියාවේදී මෙන්ම ප්‍රභල ලෙස විවාහයේදී දැක ගත හැක .  අතීතයේ දකුණු ආසියාවේ සමාජවලට ආවේණික වූ මෙම කුල සම්ප්‍රධායට සුවිශේශීත්වයක් හිමි වේ . අධ්‍යතනය වන විට ලංකාව තුල වැඩිවශයෙන් නොමැති වුවත් ඉන්දියාව තුල මෙය ප්‍රධාන වශයෙන් බලපානු ලබයි . බටහිර සමාජවල දැකිය නොහැකි ප්‍රපංචයක් වන කුලය අනුව සමාජය ස්තරගතව බෙදා ඇත. දකුණු ආසියතික රටවල පුද්ගලයාගේ සමාජතත්වය සමාජ වටිනාකම තීරණය කරණු ලබන්නක් වන මෙම කුලය ප්‍රධාන වී ඇත . මෙහිදී බටහිර සමාජ පරිසරයට වඩා දකුණු ආසියා සමාජ පරිසරය  බෙහෙවිම වෙනස්ය. නමුත් මේ කුල ක්‍රමය මිනිසා මත නිර්මිත වූවක් මිස විශ්වීය සන්දර්භයක් නොවේ , ලංකාව තුල දළ වශයෙන් කුල ක්‍රම 15 දැක ගත හැකි වන අතර ඊට අමතරව කුඩා හා අනු කුල වර්ග විවිධ ප්‍රදේශතුල දැක ගත හැක. ඒ අතර.     

1.ගොවිගම්

‍රදල

ගොවි

පට්ටි

ඉඩම් හිමි ප්‍රභූ

ගොවිතැන

ගව පාලනය

 

2. කරාව

 

මසුන් මැරීම

3. සලාගම

 

කුරුදු තැලීම

4. දුරාව

 

රා මැදීම

5. හුණු

 

අලුහුණු කර්මාන්තය

6.අවාරි/ ගල්ලදු/ නවනන්දන

 

ලෝකුරු වැඩ

7. හේන /රදා

 

රෙදි ඇපිල්ලීම

8. වහුම්පුර /හකුරු

 

හකුරු සෑදීම

9. කුඹල්/ බඩහැල

 

වළං සැදීම

10. දුර

වෙල්ලදුර /බෝධි

පන්නදුර

ශ්‍රීමහා බෝධිය රැක ගැනීම

ඇත්ගොව්වන් බලා ගැනීම

11 නැකැති / බෙරව

 

නක්ශත්‍ර / නැටුම් වැඩ

12 . බත්ගම /පදු

 

සේවකයෝ/ බර උසුලන

13. ගහල

 

මලබෙර ගැසීම

14.  කින්නර

 

පැදුරු විවීම / හණ කර්මාන්තය

15. රොඩී/ හුලවාලි

 

හිගමන් / කොහු ඉදල් තැනීම

                 මෙම සටහන අධ්‍යනයෙන් පෙනී යන්නේද? . රැකියාවන් බෙදා වෙන්කර දැක්වීමේ පහසුව තකා කරන ලද්දක් විනා සාමාජ මනුශ්‍යත්වය පහත් කොට දැක්වීමට භාවිතා නොකර ඇති බවයි .නමුත් වර්තමානයේ ඊට හාත්පසින්ම වෙනස් කාරණයක් සිදු වේ . විවාහය තුල මෙවැනි වූ බෙදීම් ඇති කරගනු  ලබන්නේ කුමන කාරනයක් නිසා දැයි සිතාගත නොහැක . විවාහයට පමණක් නොව නොයෙක් රැකියා අවස්ථාවලදී පවා අධ්‍යාපන සුදුසුකමට අමතරව කුලයන් පිරික්සන  බව මම දැක ඇත .  මාගේ මතයකට සීමා වූවක් ලෙස .වසර ගණනාවක් දෙදෙනෙකු ආදරය කරන්නේ ඔවුන් සිත් වලින් එකිනෙකා ගැලපෙන නිසාවෙන් නොවෙද? නමුත් විවාහයේදී කුලය නැමැති පටු තීරණ මුල් කර ගෙන එම ආදරකතා කටුගා දැමීම මා අනුමත නොකරයි .ජීවත්වන කෙටි කාලය තුලදී ජීවිතය විදීම විනා විදවීමට හුරුවන්නේ සිතා මතාය . මෙවැනි කාරණා නිසා වෙන් ජීවිතය අහිමි වූවන් මෙන්ම . මනස වියවුල් වූ බොහෝ අය දැක ඇත . 

කුලයට සීමා වී හිත් නොගැලපෙන කෙනෙකු සමග ජීවත් වන්නේ කෙසේද?.උප්පත්තියේ සිට මරනාසන්න මොහොත දක්වා ගත කරන වයස් සීමාවන් එක හා සමාන නම් , ලෙඩකට දුකක් වැළදුන විට තරා තිරමක්, කුලයක්, ජාතියක් ,ආගමක් නොබලා එය  වැළදෙනවා නම් කුලය නැමැති පටු සීමාවන්ට තව දුරටත් කොටු වී තමන්ගේ සතුට නැති කරගන්නේ කුමකට ද? කොරෝනා වසංගතය එයට කදිම නිදසුනකි මන්දයත් කිසිම හෝ විටක කුලය තරාතිරම මත රෝගය වැලදුනේ නැත .විශේෂයෙන් තරා තිරම මත හෝ කුලය මත සලකා මරනයන්හි  අවසන් කටයුතු සිදු කරේ නැත , සියල්ලන්ටම හිමි වූයේ එකම සමුගැනීමමය .විශේශයෙන් ආගමික වතාවත් පවා සිදු කිරීමට අවස්ථාවක් නොවිනි .එය එලෙස වෙද්දී තවමත් කුලය නැමැති සීමාවකට කොටුව අහිංසක මිනිසුන්ගේ සිහින බොදකරමින් ,  සතුට නැති කරමින් වැඩිහිටි පරම්පරාව කටයුතු කරනු ලබයි. 

 වර්තමානයේදීත් වැඩිහිටි පරම්පරාව තුල මේ මතය වෙනස් කර නොහැකි වුවත්,  ඉදිරියටත් තරුණ පරම්පරාව මේ මතය ගෙන යන්නේ නම් ඔවුන් දියුණු සමාජය තුල  තවමත් නොදියුණු හිස් ඇති මිනිසු ලෙස වර්ග  හැකිය . කුලය වැරදක් නොව . නමුත් අවශ්‍ය හා අනවශ්‍ය සෑම මොහොතකම කුලය පෙරට ගෙන සීමාවන් දැමීම මා තරයේ ප්‍රතික්ශේප කරයි , ඉදිරියටත් මෙවැනි තීරණ ගැනීමේදී තවදුරටත් කල්පනාකාරී  වන්නේ නම් තවත් බොහෝ අය ජීවතය පුරාවටම ජීවිතය විදවීමකින් තොරව විදියි, මෙය විශේෂයෙන් වැඩිහිටි පරම්පාරවේ මතය වෙනස් කළ නොහැකි වුවත් තරුණ පරම්පාරව තුල මෙම පටු මතය වෙනස් කළ හැකිය සිතා ඔවුන් සතුව තබන සටහනකි.


- දිලේෂිකා එරංගි-

 

             

Saturday, January 23, 2021


                   වසන් වූ කදුල 



පවතින කොවිඩ් තත්වය හේතුවෙන් ලෝකයම අද වන විට සෑම අංශයක පහත වැටීම දරුණු කේදවාචකයකි . කෝටිගණන් රෝගීන් හමුවෙද්දී . ලක්ෂ ගණන් ජීවිත අහිමි වෙද්දී එහි දරුණු සහගත බව මග හරිමින් පවුල තම ජීවිතය ගැන වත් නොසිතා කටයුතු කරන දෙවිවරු පිරිසක් සිටීම ලෝකය ලද භාග්‍යකි. ත්‍රිවිධ  හමුදාව , පොලීසිය මෙන්ම මෙම තත්වය මැඩලීමට දිවා රෑ නොබලා කටයුතු කරන සෞඛ්‍ය අංශය  අමතක නොකල යුතුම කාරණයකි. නමුත් ඔවුන්ගේ හිත්  ශක්තිමත් කිරීම විනා හෝ ඔවුනට සහයක් වීම වෙනුවට සමාජයෙන් මා ඇස් මානයේ සිදුවන ආසාදාරණ කම් පිටු දැකීමට මම මෙම සටහන ලියමි .
  
මාතර ප්‍රදේශයේ ජීවත් වන මා . දුටු මෙය මාතරටම  පමණක්  සීමා නොවූ ලෝකයටම පොදු අසාදාරණයක්  ලෙස පෙන්වා දිය හැක . එනම් මාගේ මව මේ වන විටත් කොරෝනා රෝගීන්ට සත්කාර ලබා දෙමින් රජයේ රෝහලක සේවයේ නිරත් වේ . එහිදී ඇය ලබපු අත්දැකීමකි . 
එනම් 
         මව සෞඛ්‍ය සේවයේ නිරත වන්නේ නම් ඇයගේ දරුවන්ට අද වන විට පාසල තහනම් වී ඇත. 
         පෞද්ගලික පන්ති තහනම් වී ඇත .
         නවා තැන් ගෙන සිටි පිරිසට නවාතැන් පළ පවා තහනම් වී ඇත .
        
මෙවැනි වාතාවරණය ඔස්සේ සෞඛ්‍ය සේවයේ නිරත වන ඔවුන්ගේ දුක කිසිදු කෙනෙකුට නොපෙනේ .
රටේ කුනු හොයමින් දුවන මාධ්‍යයෙන්  පවා මෙවැන්නක් ප්‍රචාරය නොවේ . වගකීමෙන් කියන්නක් ලෙස සමාජයේ ගැවසෙන අන් සියලු දෙනාටම වඩා ආරක්ෂාකාරී වන්නේ  රෝගීන් යැයි ඔවුන් දන්නා නිසාය . නමුත් අපි සමාජයේ කා සමග කොතනදී කවුරුන් සමග ගනු දෙනු කරනවද . එලෙස බැලුව හොත් සමාජයේ අවධානමේ සිටින්නේ ඔවුන් නොව අපිය . 

රටට මෙතරම් සේවයක් කරන මොවුනුත් අපි වගේම මරනයට බියයි . තම පවු ජීවිතය ගැන බයයි . ඒ අවස්ථාවේ මොවුන් අසාධාරණ ලෙස පහත නොහැලීමට  වග බලා ගත යුතු අතර . මෙවැනි අසාධාරණකම් සිදු වන වා නම් එයට පිළියම්  යෙදිය යුතුය . අද එම දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම මානසිකත්වය බිද වැටී හමාරය . මේ ලිපිය දකින කෙනෙක් හෝ මෙයට විිසදුමක්  ගන්නේ නම් එය මා ලද භාග්‍යකි . ලබා දෙන කෙටි පිළියම් වලින් කී දෙනෙකුගේ හිත් පෑරෙන්නෙහිද . එසේ නම් පාසල් තහනම සමාජයේ සෑම දරුවෙකුටම් පොදු කාර්යක් විය යුතුය . මන්ද සමාජයේ හැසිරීමේදී කොවිඩ් රෝගියෙකු සමගද කටයුතු කරන්නේ නොදන්නා නිසාය . නමුත් කොවිඩ් රෝගීන් සමග පොර බදින අහිංසක මිනිසුන් රෝගියා හදුනා ගෙන කටයුතු කරනු ලබයි . 
මෙලෙස තවදුරටත් මේ මිනිසුන් අපහසුතාවයට පත් නොකිරීමටත්  ,මානසිකව පීඩාවට පත් නොකිරීමට වග බලා ගත යුතුය .

               මෙය  සිදූ වූ  අසාදාරණය හමුවේ හඩනැගීමට මා විසින් තැබූ කෙටි සටහනකි . 



- දිලේෂිකා එරංගි-
 

Friday, October 23, 2020

                                      කලු දිය පුකුණ පත්ලේ රාවණාගේ සිරකුටි.




                                                        ලංකාව තුල තවත් අභිරහසක්ව පවතින රාවණාගේ ඉතිහාසය පිළිබද සෙවීම මාගේ විශාල ආශාවක් වන අතර මේ පිළිබදව දැනටමත් විශාල තොරතුරු ප්‍රමාණයක් රැස් කරගෙන ඇති අතර ඉහත රූප රාමුවල සදහන් කලුදිය පොකුණ හා එහි අභිරහස මා සොයාගන්නා ලද කරුණු අනුව පහතින් දක්වා ඇත.

මිහින්තලය කලුදිය පොකුණ ගැන සදහන් වන ඇතම් ජනප්‍රවාද කරුණු අතර කියවෙන්නේ මෙහි ගැඹුර අඩි 170ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වන බවයි. ඇතැම් තොරතුරු අතර සදහන්  වන්නේ මෙහි පතුල කේතුවක් කන පිට ගැසූ ස්වරූපයක් ඇති  බවයි.නමුත් මෙතෙක් කාලයකට මෙහි කිමිදී බැලුවකු ගැන කිසිම සදහනක් නොමැත. තවත් කියවෙන කරුණක් නම් ලංකාව තුල පවතින වා යැයි සදහන් බලකේන්ද්‍ර අතරින් මෙයද එක් බලකේන්ද්‍රයක් වන බවයි.අතීතයේ රාවණයන් සක්වලත් සමග සම්බන්ධ වීමට මෙම ස්ථානය යොදාගෙන ඇති බව ජනප්‍රවාදවල සදහන් වේ.බොහෝ අවස්ථාවල රාවණයන් වෙනත් සක්වල හා සිදුකල යුද්ධ වලදී පැරදුනූ සේනාවන් අතරින් ජීවග්‍රහයෙන් අල්ලාගත් සතුරන් මෙහි ගෙනවිත් මෙම පොකුණ පත්ලේ ඇති සිරකුටිවල ඔවුන් රදවා තිබූ බව තවත් ඇතැම් කතාවල සදහන් වේ.මේවා තාර්කිකව හෝ මොනයම් ආකාරයකින් ඔප්පු කල නොහැකි හෝ පිළිගත හෝ නොහැකි ප්‍රවණතාවයක් ඇතත් අදද ජීවත් වන වැඩිමහලු ගැමියන් මේ හා සමාන මත පලකරයි.එමෙන්ම මෙම පොකුණ සිව් කොන පත්ලේ විශාල රන් ඇතුන් සතර දෙනෙකුගේ පිළිම රදවා ඇති බවටත් ගැමි ප්‍රවාද අතර සදහන් වේ.ඒ හා සම්බන්ධ වන අනිත් මතය නම් මෙම පොකුණ පත්ලේ ඇති උමගක් මාතලේ දක්වා සම්භන්ධව තිබූ බවයි. මාතලේ හා සම්බන්ධ අනිත් කෙලවරේත් සක්වල දොරටුවක් ඇති බව කියවේ. එසේම මෙම පොකුණ නරඹන ඕනෑම කෙනෙකුට දැක ගත හැකි දෙයක් නම් පොකුණේ වටේට පිහිටා ඇති ආසන මේවා  භාවනායෝගීව වැඩ වසන ස්වාමීන්වහන්සේලා සදහා සාදා ඇත.එහි එක් තැනක පිහිටුවා ඇති එක් ආසනයක් නම් කාලබුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ භාවනා යෝගීව සිටීමට යොදාගත් බවත් එහිදී උන්වහන්සේ මෙමෙ ස්ථානයේ සිට සක්වල හා සම්බන්ධ වී ඇති බව ප්‍රවාද අතර සදහන් වේ.උන්වහන්සේ එකල රාජගිරි ලෙනේ වැඩ වසන අතර භාවනා කටයුතු සදහා මෙහි පැමිණ ඇති බව සදහන් වේ.තවත් සදහන් කරුණක් වන්නේ අද්‍යතනය වන විටත් මෙම ආසන මත කාට හෝ හිදගෙන භාවනායෝගීව හිදීමට ඉඩ ලබා නොදෙන ඇතම් බලවේගයක් මෙහි පවතින බවයි.එමෙන්ම මෙම භූමියට අයත් වන කොටසක් වන" සක්මන"කොටසේත් නොයෙකුත් ප්‍රශ්නාර්ථ ගත සිදුවීම්  කලකට පෙර සිදුව ඇති බවට ඇතැම් තොරතුරු වල සදහන් වේ.මෙහි ඇති ඇතැම් ස්ථාන අසල චුම්භක ක්ෂේත්‍රයේ වෙනස් වීම පවා අති කරවන බව සදහන් වන විටත් වි‍‍දෙස් පරීක්ශකයන් මේ අවට කැළෑ ප්‍රදේශ තුල යම් යම් පරීක්ශණ කටයුතු වල නියැලෙන බව සදහන් වේ. බොහෝ විට ලංකා බිමේ සක්වල දොරටු හා කතා කරන විට නිතැතින්ම සදහන් වන සීගිරිය හා රන් මසු උයන යන නම් අතරට මෙම කලුදිය පොකුණ ස්ථානයද සදහන් කිරීමට පුලුවනි. විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි බොහෝ නොවිසදුන අභිරහස් අතර හෙල ඉතිහාසයේ සිට අද වනතුරුත් රහස් ගිලගෙන නිසලව බලා සිටින තවත් මේ බිමේ බලකේන්ද්‍රයක් වන කලුදිය පොකුණ හෙටත් ඒ රහස් වසන් කරගෙන නිසොල්මනේ සිටින බවට සැකයක් නැත.

 තාක්ෂණයේ දියුණුව සමග  හා මුදල් පසු පස හඹා යන ලෝකයක් ඉදිරියේ මෙලෙස ඉතිහාසය ගැන සෙවීම විනා තම කුටුම්භය රක්ෂාකර ගැනීම පවා මිනිසුන්ට මග හැරී ඇත. මෙය මහා විනාශයක පෙරනිමිතිය .දැනටත් විශාල ලෙස ස්වභාව දහම මිනිසුන්ට දැන් උවද ඔවුනට එය ගානක් නැත.නමුත් ගහකොළට මිනිසුන්ට දැඩි සේ ඇලුම් කල මහා වීරයන් හා රට වෙනුවෙන් දිවි පුදා රට‍ රක්ෂාකල මිනිසුන් සිටින හෙල බිමක . මෙවැනි ප්‍රෞඪ ඉතිහාසයක් මෙලෙස වැලලීයාම මා සිත් දරන කණගාටුවකි.  


_දිලේෂිකා එරංගි_   
                                    

පරිගණක නීති

                                        පරිගණක  මෘදුකාංග හා සබැදි නීතිය  පරිගණක  මෘදුකාංග  පිළිබද නීතිය මගින් එකී මෘදුකාංග  දේපලවලට රැකවරණය ...